
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි ජයක් ලබාගැනීමට සමත්විය.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පලමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවද දෙවැනි තරගය ජයගනිමින් තරගාවලියට අවතීර්ණ විය.
අනතුරුව ඊයේ නැගෙනහිර ලන්ඩනයේ බෆලෝ පාර්ක් පිටියේදී පැවැති තීරණාත්මක තුන්වැනි පන්දුවාර 20 තරගය කඩුලු 04කින් ජයගනිමින්, තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය 2-1ක් ලෙස දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම හමුවේ ඓතිහාසික ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.
තුන්වැනි තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 06ට ලකුණු 155 ලබාගත් අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් ලබාගනිමින් තරගය ජයගනු ලැබීය.
එහිදී චමරි අතපත්තු පන්දු 46කදී ලකුණු 73ක් ලබාගත්තේ හතරේ පහර 07ක් සහ හයේ පහර 05ක් එල්ලකරමින් වන අතර හර්ෂිතා සමරවික්‍රම පන්දු 43කදි ලකුණු 54ක් ලබාගත්තාය.
චමරි සහ හර්ෂිතා දෙවන කඩුල්ලට ලකුණු 97ක සම්බන්ධතාවක් පැවත්වූ අතර, එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය සදහා පහසුවක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart