
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කච්චතිව් දූපතේ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු නිල පණිවිඩයක් යොමුකර නොමැති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබේ.
The Indian Express පුවත්පතට අනුව, ඇමැති තොණ්ඩමන් ප්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්කල කච්චතිව් දූපත ශ්‍රී ලංකා පාලන රේඛාවට අයත් වන බවයි.
“ශ්‍රී ලංකාව සමඟ නරේන්ද්‍ර මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය ස්වාභාවිකයි සහ සෞඛ්‍ය සම්පන්නයි. කච්චතිව් දූපතේ බලතල ආපසු ලබාදෙන ලෙස මෙතෙක් ඉන්දියාවෙන් නිල පණිවිඩයක් ලැබී නැහැ. ඉන්දියාවෙන් එවැනි ඉල්ලීමක් මෙතෙක් ලැබිලත් නැහැ. එහෙම සන්නිවේදනයක් තියෙනවා නම් ඒකට විදේශ අමාත්‍යංශය පිළිතුරු දෙනවා” යනුවෙන් තොණ්ඩමන් ඇමැතිවරයා ප්‍රකාශකර ඇත.
කෙසේවෙතත් නම සඳහන් කිරීමට අකමැති වූ තවත් ශ්‍රී ලංකා ඇමැතිවරයෙක් The Indian Express වෙත ප්‍රකාශකර ඇත්තේ නව රජයකට අවශ්‍ය පරිදි රටක සීමාවන් වෙනස් කළ නොහැකි බවයි.
“හොඳට හෝ නරකට, කච්චතිව් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ පාලන සීමාව තුළ තියෙන්නේ කියලා හඳුනාගෙන තිබෙනවා. මායිම තීරණය කළ පසු, ආණ්ඩු වෙනසක් වූ පමණින් කිසිවකුට එය වෙනස්කිරීමට ඉල්ලා සිටිය නොහැකියි. කච්චතිව් ගැන ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වී නැහැ. මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් පණිවිඩයක් ලැබිලත් නැහැ.
“කච්චතිව් ප්‍රශ්නය දෙමළ ප්‍රජාව ගැන නම්, ඔවුන් දේශසීමාව දෙපසම ඉන්නවා. එය දෙමළ ධීවර ප්‍රශ්නය ගැන නම්, ඒ දෙක සම්බන්ධ කිරීම සුදුසු නැහැ. ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් වන ප්‍රශ්නය වන්නේ ඔවුන් ඉන්දීය මුහුදු සීමාවෙන් පිටත මසුන් ඇල්ලීම සඳහා බොටම් ට්‍රෝලර් යාත්‍රා භාවිත කිරීමයි. එය අන්තර්ජාතික නාවික නීතිවලට අනුව නීති විරෝධීයි.” යනුවෙන් එම ඇමැතිවරයා ප්‍රකාශකර ඇත.
“මෙම දැවැන්ත සූරාකෑම සහ සමුද්‍ර සම්පත් ක්ෂයවීම මුළු සාගර කලාපයේම සිදුවෙද්දී, ඉන්දීය දෙමළ ධීවරයන් සතු මෙම ට්‍රෝලර් යාත්‍රා ප්‍රශ්නයට ගොදුරු වන්නේ මුස්ලිම් ජාතිකයන් හෝ සිංහල ධීවරයන් නෙවෙයි ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන්ය,” යැයි ඇමැතිවරයා ප්‍රකාශකර තිබේ.
දූපත ලබාදුන් බවට අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය කොංග්‍රසයට සහ ඩීඑම්කේ පක්ෂයට පසුගියදා චෝදනා කළ අතර එම පක්ෂයේ තමිල්නාඩු ප්‍රධානී කේ.අන්නමලෙයි කියා සිටියේ එම භූමිය නැවත ලබාගැනීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි.
කච්චතිව් ප්‍රශ්නයේ පුනර්ජීවනය සහ පසුගිය දින දෙක තුළ දිල්ලිය ඒ සඳහා දැක්වූ පෙර නොවූ විරූ උනන්දුව මගින් අප්‍රේල් 19 වැනි දින ලෝක් සභා මැතිවරණ දිනයට පෙර භාරතීය ජනතා පක්ෂය විසින් කච්චතිව් සඳහා සැලැස්මක් සකස් කර ඇති බවට තමිල්නාඩුව තුළ කතාබහක් ඇතිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart