
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය සමග දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් තරගය අතරතුර ඉවත්වීමට තීරණය කර තිබේ.
ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුගේ පවුලේ වෛද්‍ය අවශ්‍යතාවක් අනුව චන්දිමාල් නැවත දිවයිනට පැමිණෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගයේ හතරවැනි දිනය අද වන අතර තරගය ජයග්‍රහණය සදහා බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් හිමිව ඇත.
ශ්‍රී ලංකාව පළමු ඉනිම ලකුණු 531ක් රැස්කළ අතර බංග්ලාදේශය පළමු ඉනිම ලකුණු 178කට සීමාවිය.
අනතුරුව ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කඩුලු 07ක් බිද වැටි තිබියදී අත්හිටවුයේ ලකුණු 157ක් රැස්කර සිටියදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart