
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ කාර්ය මණ්ඩලය අතර ශ්රී ලාංකිකයකු ද සිටින බව නෞකා කාර්ය මණ්ඩලයේ ප්රකාශක විල් මාර්ක්ස් පවසයි.
පාලමේ ගැටීමෙන් අනතුරුව නෞකාව දැනට නිශ්චලව රඳවා ඇති අතර එහි කාර්ය මණ්ඩලයේ 21 දෙනා නෞකාවේ රැඳී සිටින බව ද ඔහු ප්රකාශ කළේය.
විල් මාර්ක්ස්ට අනුව කාර්ය මණ්ඩලයේ පිරිස අතරින් 20 දෙනෙකු ඉන්දියාවෙන් වන අතර අනෙක් තැනැත්තා ශ්රී ලාංකිකයෙකි.
ඔවුන් දැනට කාර්යබහුල සිටින්නේ නෞකාව නඩත්තු කිරීමට සහ එක්සත් ජනපද ජාතික ප්රවාහන ආරක්ෂණ මණ්ඩලයේ සහ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ විමර්ශකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බවත් ඔහු පැවසීය.
බැල්ටිමෝර්හි කඩා වැටුණු ෆ්රැන්සිස් ස්කොට් කී පාලමේ සුන්බුන් ඉවත්කිරීමට සම්බන්ධ යාත්රා සඳහා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය තාවකාලික විකල්ප ප්රදේශයක් විවෘතකර තිබේ.
අනතුර සිදුවූ ස්ථානයේ වානේ සහ කොන්ක්රීට් ඉවත්කිරීමේ සංකීර්ණ කාර්යය කාර්ය මණ්ඩලය විසින් සිදු කරමිනි සිටී.
බලධාරීන් විශ්වාස කරන්නේ පසුගිය සතියේ මළසිරුරු සොයාගත් දෙදෙනෙකු ඇතුළු කම්කරුවන් හය දෙනෙකු පාලම කඩා වැටීමෙන් මිය ගිය බවයි.
ඉතිරි මළ සිරුරු හතර සොයා ගැනීම සහ වරායට නැව් මාර්ග නැවත විවෘත කිරීම සිය ප්රමුඛතාව බව මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් ඊයේ පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart