
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වම් විලුඹේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංගට සමස්ත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරග වාරයම අහිමි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) ඊයේ තහවුරු කළේය.
හසරංගගේ නොපැමිණීම තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ඔහු IPL සඳහා සහභාගී නොවන්නේ විශේෂඥ වෛද්‍යවරයා හමුවීමෙන් පසු යම් පුනරුත්ථාපනයක් කිරීමට අවශ්‍යවීම නිසා බවයි.
“විලුඹේ ඉදිමීමක් තිබෙනවා, ඔහු එන්නත් ගැනීම හරියට කරලත් නැහැ. එම නිසා ලෝක කුසලානයට පෙර මෙම ගැටලුව විසඳා ගැනීමට ඔහු තීරණය කර තිබෙනවා. මෙවර IPL තරඟාවලිය මඟ හැරීමට ඔහු ගත් තීරණය ගැන අපට දන්වා තිබෙන්නේ, ”යනුවෙන් ඈෂ්ලි ද සිල්වා පැවසීය.
වනිඳු හසරංග ඩුබායි බලා යන්නේ තම ගැටලුසහගත විලුඹ සම්බන්ධයෙන් ඩුබායිහිදී විශේෂඥ උපදෙස් ලබාගැනීමටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart