
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අද (30) පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු, භාණ්ඩාගාරිකවරයකු සහ ජාතික සංවිධායකවරයකු පත්කර තිබේ.
ඒ අනුව දුමින්ද දිසානායක විසින් මීට පෙර දැරූ ජාතික සංවිධායක ධූරයට ශ්‍රීලනිප මහියංගනය ආසන සංවිධායක කේ.පී.ගුණවර්ධන පත්කර ඇත.
භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ අලගියවන්න වෙනුවට බස්නාහිර පළාත් හිටපු ඇමැති හෙක්ටර් බෙත්මගේ පත්කර තිබේ.
මහින්ද අමරවීර වෙනුවට හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස පත්කර ඇත.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්, විධායක කමිටු සාමාජිකයන්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලුම නිලධාරීන් අද පෙරවරුවේ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක රැස්වීමක් සඳහා පක්ෂ මූලස්ථානයට කැඳවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart