
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන අය පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ඊයේ (27) පැවැසීය.
සාමාජිකයන් හත්දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරි සූරියආරච්චි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ බිරිඳ) යන පිරිස පත්වූ බවත්, විනය මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්නොකිරීමට පියවර ගත් බවත් සාගර කාරියවසම් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවෙසේදී ඊයේ (27) පැවැති විධායක කමිටු රැස්වීමේ දී මෙම පත්වීම කළ බවද හෙතෙම කීය.
එම පක්ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක. සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන මපිරිස පත්කළ බවත්, පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇති වුවහොත් ඒවා විසඳීම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය බවත් ඔහු සඳහන් කළේය.
එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට නැවතත් ජාතික සංවිධායක ධූරය බාරගන්නා ලෙස විධායක කමිටුවේ දැඩි ඉල්ලීමක් තිබුණ ද, එම තනතුර තරුණයකුට දීම වඩාත් ඵලදායි යැයි පැවසීමෙන් පසුව නාමල් රාජපක්ෂ ඒකමතිකව ජාතික සංවිධායක ධුරයට පත්කළ බව ද සාගර කාරියවසම් වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart