
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ මඟ හරස්කර, යතුරුපැදියට පයින් ගසා පෙරළා දමා, ඇගේ කොණ්ඩයෙන් ඇද බෙල්ල මිරිකා, පොල්ලක් රැගෙන පහර දී එක් අතක් සහ කකුලක් සපා කා රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා රන් මාලයක් සහ පෙන්ඩනයක් කොල්ලකා පළාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර මහ බුලංකුලම, සමනලගම පදිංචිව සිටි වයස අවුරුදු 47ක පුද්ගලයෙකි.
පැමිණිලිකාර 38 හැවිරිදි කාන්තාව තම දරුවා පාසල නිමවී රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් මහා බුලංකුලම වැව් බැම්ම මතින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇයට පහර දී මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය කියයි.
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියට පයින් ගසා පෙරළා දමා පැමිණිලිකාරියගේ කොණ්ඩයෙන් ඇද බෙල්ල මිරිකා හිසට, පිට ප්‍රදේශයට සහ දෙපාවලට සියඹලා පොල්ලකින් පහරදී ඇගේ දකුණු අත සහ වම් කකුලේ තට්ටම් ප්‍රදේශය සපා කා බුලංකුලම වැව් බැමිම මඟින් බිමට තල්ලුකර දමා සැකකරු මෙම කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
සැකකරු විසින් කොල්ලකන ලද රන්මාලය සහ පෙන්ඩනයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දහසක් බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart