
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු සත්ව කොටස් අතර සැකකටයුතු ලෙස තිබූ පුද්ගල අස්ථි කොටස් හේතුවෙන් මිහින්තලය පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම අස්ථි කොටස් හමුවූ ස්ථානයේම තිබී සුනඛයෙකුගේ හා නාගයකුගේද අස්ථි කොටස් තිබී හමුවූ බව මිහින්තලය පොලිසිය පවසයි.
මිහින්තලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පිළිසුණු අස්ථි කොටස් පිළිබඳව පරීක්ෂා කිරීම සිදුවූ අතර පසුව එම අස්ථි කොටස් අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ද විමර්ශනයට ලක්කෙරිණි .
සත්ව අස්ථි කොටස් සමග හමුවූ පුද්ගල අස්ථි කොටස් පිළිබඳව පවතින සැකකටයුතු තත්වයන් හේතුවෙන් එම ස්ථානය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ ද විමර්ශනයට ලක්කරන බව පොලිසිය පවසයි.
නාගයකු විසින් තම නිවසේ සුනඛයාට දෂ්ට කිරීම හේතුවෙන් එම සුනඛයා මියගිය බවත් පසුව එම සුනඛයා සහ නාගයා සුසාන භූමියට ගෙනවිත් පුළුස්සා දැමීමට කටයුතු කළ අතර, පසුව අසල්වාසියකු විසින් සුසාන භූමියේ තිබූ පුද්ගලයෙකුගේ හිස් කබලක් එම ගින්නට දමා ඇති බවත් පුද්ගලයකු විසින් මෙහිදී මිහින්තලය පොලිසියට හෙළිකර ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart