
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය අතරතුර බරපතල ලෙස විවේචනයට ලක්ව සිටී.
රෝහිත් ෂර්මා වෙනුවට කණ්ඩායමේ නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්ඩියන්ස් රසිකයන් අතර ආරභයේ සිටීම විවේචනයට ලක්විය.
දැන් අලුත්ම සිදුවීම වන්නේ, හයිද්‍රාබාද්හිදී, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු හර්දික් පාණ්ඩ්‍යා ලසිත් මාලිංගට අතටඅත දීම ප්‍රතික්ෂේප කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වීමයි.
හර්දික් පාණ්ඩ්‍යා සහ පන්දු යැවීමේ පුහුණුකරු ලසිත් මාලිංග ඇතුළත් තවත් වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල වෛරස්වී ඇත.
එහි දැක්වෙන්නේ පාණ්ඩ්‍යා සිටගෙන සිටින විට මාලිංග ඔහුට සිය ආසනය ලබාදී ඉවත්ව යන ආකාරයයි.
හර්දික් පාණ්ඩ්‍යා සහ ලසිත් මාලිංග අතර ඇතිවී තිබෙන විරසකයක් පිළිබඳ මෑත කාලීන වීඩියෝ දර්ශන රසිකයන් අතර කෝපයක් කෝපයක් ඇතිකර තිබේ.
ප්‍රේක්ෂකයන් පවස්සන්නේ හර්දික් පාණ්ඩ්‍යා ලසිත් මාලිංගට අගෞරව කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart