
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය වෙළඳ නාම සහ ඔවුන්ගේ වෙළඳ සලකුණු මගින් තෑගි ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරුවන සබැඳි(Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවගෙන් ඉල්ලා සිටියි.
SLCERT ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පෙන්වාදෙන්නේ, එම සබැඳි SMS, WhatsApp, X (Twitter), Facebook සහ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුමක් ලෙසින්ද ලැබිය හැකි බවයි.
එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ සත්‍යතාව තහවුරු කරගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ ආකාරයේ සබැඳි ඔබේ මිතුරු කණ්ඩායම් හරහා ලැබිය හැකි බව ඔහු පෙන්වාදෙයි.
ඇතැම් සමාජ මාධ්‍ය සබැඳි ක්ලික් කිරීමෙන් පෞද්ගලිකත්වය උල්ලංඝණය වීමට හේතු විය හැකි බව SLCERT විමර්ශනවලින් අනාවරණයවී තිබේ.
එම වංචනික සබැඳි මත ක්ලික් කිරීමෙන් ජාතික හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රය, බැංකු ගිණුම් විස්තර, එක් වර මුරපදය (OTP), සේවා ස්ථාන විස්තර වැනි පෞද්ගල තොරතුරු හෙළිවීමට ඉඩ තිබේ.
තමන් ද ගොදුරු බවට පත් විය හැකි බැවින් එම සබඳතා අන් අය සමඟ බෙදා නොගන්නා ලෙස SLCERT ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart