
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකාවන්ගේ තුන්කොන් සටන අරඹමින් ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදවා ලකුණු 07ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 06ක් දැවී ලකුණු 117ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 110ක් පමණි.
ඕස්ට්‍රේලියානු මුල් කඩුලු 04 ලකුණු 29ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වූ අතර, 05 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැඟීමට ලිනෝර් ලාරෝසා සහ ලුසී හැමිල්ටන් සමත්වූහ.
ලුසී ලකුණු 28කට දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර, ඉනිම නිමා වන විට එලිනෝර් නොදැවී ලකුණු 44ක් රැස් කර තිබුණේ පන්දු 41කදී හතරේ පහර 05ක් සමඟිනි.
පන්දු යැවීමේදී දෙව්මි විජේරත්න කඩුලු 02ක් දවාගත්තාය.
සංජනා කාවින්දි හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ පන්දු 27කින් ලකුණු 28ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, සුමුදු නිසංසලා ලකුණු 19ක් සහ නායිකා මනුදි නානායක්කාර ලකුණු 16ක් ඉනිමට එක්කළහ.
පන්දු යැවීමේදී හස්රත් ගිල් සහ එලිනෝර් ලාරෝසා කඩුලු 2 බැගින් දවාගත්හ.
මේ තරගාවලියේ දෙවැනි තරගය අද (29) පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරයි.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල – 117/6 (ඕවර 20) සංජනා කාවින්දි 28, සුමුදු නිසංසලා 19, මනුදි නානායක්කාර 16, දෙව්මි විජේරත්න 15 (හස්රත් ගිල් 16/2, එලිනෝර් ලාරෝසා 21/2)
ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා පිල – 110/5 (ඕවර 20) එලිනෝර් ලාරෝසා නොදැවී 44, ලුසී හැමිල්ටන් 28 (දෙව්මි විජේරත්න 22/2)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart