
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් සහ බඩු බාහිරාදිය සොරකම් කළ බවට අසත්‍ය පැමිණිල්ලක් කළ බව කියන බ්‍රිතාන්‍ය සංචාරකයකු, එම පැමිණිල්ලේ සත්‍යතාව ගැන පොලිසිය සැකකරන බව දැනගත් පසු හෝටලයෙන් පැනගොස් ඇතැයි පැවැසේ.
අලවතුගොඩ රිත්තන්දෙණිය ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි සංචාරකයා අලවතුගොඩ පොලිසියට පැමිණිලි කර ඇත්තේ, බදාදා (27) රාත්‍රියේ ආහාර ගනිමින් සිටියදී රුපියල් 477,884 ක මුදල්, අත් ඔරලෝසු දෙකක් සහ කැමරා දෙකක් සොරකම් කර ඇති බව පවසමිනි.
ඔහු පවසා ඇත්තේ, සොරා සිය කාමරයට ඇතුළුවීම සඳහා දොර අගුල කඩා ඇති බවයි.
කෙසේවෙතත්, පසුව කළ විමර්ශනයේදී, දොර අගුල ඇත්තෙන්ම ඇතුළතින් කැඩී ඇති බව පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සම්පූර්ණ විමර්ශනයකට පෙර රක්ෂණයක් ඉල්ලා සිටීමට පොලිස් වාර්තාවක් ගොනුකරන ලෙස සංචාරකයා බල කළ විට, පොලිසිය පැමිණිල්ලේ විශ්වසනීයත්වය ගැන සැකකර ඇති අතර, දොර අගුලේ විකෘති කිරීම පෙන්වාදී ඇත.
අනතුරුව පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ සංචාරකයා හෝටලයෙන් පළාගොස් තිබේ.
අලවතුගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart