
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට අනුකූලව සෙනෙට් සභාවක් පිහිටුවීම සළකා බලමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා පදනමේදී පසුගියදා සංවිධාන කරන ලද සාකච්ඡාවක් අමතමින් ආචාර්ය රාජපක්ෂ පැවසුවේ 35 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාවක් සුදුසු වනු ඇති බවයි.
එය දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආදේශ කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙම සාකච්ඡාව සංවිධානය කළේ, මේ වසර අග පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සහ ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට රජය යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ ගෙන එන බවට මතුවන චෝදනාව හමුවේය.
ජාතික මැතිවරණ දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවත්වන බව ආචාර්ය රාජපක්ෂ එහිදී යළිත් අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ මීළඟ වටයේ ජාතික මැතිවරණවලට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවය.
මන්ත්‍රීවරුන් 160ක් කොට්ඨාස ක්‍රමයට තෝරාගෙන ඉතිරි 65 දෙනා සමානුපාතිකව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා ගැනීමට තමන් යෝජනා කළ බව ආචාර්ය රාජපක්ෂ සඳහන් කරයි.
පවතින ක්‍රමය යටතේ 196 දෙනෙකු සාමනුපාතික ක්රමයටත් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම දැනට පවතින ක්‍රමයයි.
කෙසේවෙතත්, සාකච්ඡාවට ලක්ව ඇති යෝජිත ප්‍රතිසංස්කරණවලට අනුව තේරී පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196 සිට 160 දක්වා අඩු වනු ඇතැයි ද ආචාර්ය රාජපක්ෂ පැවසීය.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 29 සිට 65 දක්වා වැඩි කරනු ඇති අතර, වෙනම ලැයිස්තු නවයකින් ජාතික හෝ පළාත් මට්ටමින් මන්ත්‍රීවරුන් තෝරා ගත හැකි බව ආචාර්ය රාජපක්ෂ පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවට ඉහළින් පත්කළ මණ්ඩලයක් තිබිය යුතු බව හැඟෙන බැවින් සෙනෙට් සභාවක් පිහිටුවීමට තමන් යෝජනා කළ බව අධිකරණ ඇමැතිවරයා පැවසීය.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමත් සමඟ සෙනෙට් සභාව අහෝසි කිරීම ද ව්‍යසනකාරී යුද්ධයකට තුඩු දුන් ජනවාර්ගික ගැටුමට දායක වූ බව ප්‍රකාශ කළ ආචාර්ය රාජපක්ෂ, එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය සහ ඉන්දියාවට සෙනෙට් සභා ඇති බව පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart