
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් පසුගියදා ඉල්ලා අස්වූ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවට නව සාමාජිකයන් නොමැතිව කමිටුවේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට නියමිත බව පාර්ලිමේන්තුව පවසයි.
කෝප් කමිටු සාමාජිකයන් ලෙස පත්කළ විපක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් පසුගියදා ඉල්ලා අස්වූහ.
ඉල්ලා අස්වූවන් වෙනුවට මන්ත්‍රීවරුන් නම් කරන ලෙස අදාළ දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තුව ඉල්ලා සිටියද ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සඳහන් කර තිබුණේ තමන් ඒ සඳහා අලුතින් නාමයෝජනා නොදෙන බවයි.
ඉල්ලා අස්වූවන් වෙනුවට සාමාජිකයන් නොමැතිව කෝප් කමිටුවට සිය මෙහෙයුම් සිදුකිරීමේ ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කියා සිටියේය.
“කෝප් කමිටුවේ ගණපූරණය සාමාජිකයන් පස් පහයි. මේ වන විට එහි සාමාජිකයන් පස් දෙනෙකුට වැඩි පිරිසක් සිටිනවා. ඒ නිසා ඉල්ලා අස් වූ සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් සමඟ හෝ නැතිව එහි කටයුතු කරගෙන යෑමට හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.
කෝප් කමිටුවේ රාජකාරිය වන්නේ පරීක්ෂා කරන ලද ගිණුම්, අයවැය සහ ඇස්තමේන්තු, මූල්‍ය ක්‍රියා පටිපාටි, සංස්ථා සහ අනෙකුත් රාජ්‍ය ව්‍යාපාරවල කාර්ය සාධනය සහ කළමනාකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය සඳහා වූ කෝප් කමිටු පළමු රැස්වීම මේ මස මුලදී පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදී කෝප් කමිටු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් විය.
ඔහු සභාපති ධුරයට පත්වීමෙන් පසු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර්, හේෂා විතානගේ, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපබණ්ඩාර, අනුර කුමාර දිසානායක, දුමින්ද දිසානායක, ශානකියන් රාසමණික්කම්, ගාමිණී වලේබොඩ, සහ ඩිලාන් පෙරේරා කෝප් කමිටු සාමාජිකයෝ සිය ධුරවලින් ඉවත් වුහ.
පසුව පාර්ලිමේන්තුව අදාළ දේශපාලන පක්ෂවලට අලුතින් නාමයෝජනා ලබා දෙන ලෙස දැනුම් දුන් නමුත් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ අබේගුණවර්ධන සභාපතිවරයා ලෙස සිටින තාක් කල් තමන් කිසිදු නාමයෝජනාවක් ඉදිරිපත් නොකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart