
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කහනවිටගේ දොන් නන්දසේන නැමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
2024 මාර්තු 02 වැනි දින කිරිබත්ගොඩ සහ කටුනායක පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රධාන ජාවාරම්කරු මෙම සැකකරු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
‘බන්දු’ නමින් හැඳින්වෙන ඔහුගේ සොහොයුරා ද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ජාවාරම්කරු ඉන්දියාවේ සැඟවී සිට 2024.02.29 වැනි දින නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහුගේ දෙවැනි බිරිඳ සමඟ නුවරඑළියේ සැඟවී සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර.වත්තල සහ ගනේමුල්ල ප්‍රදේශවල පිහිටි සැකකරුට අයත් විශාල නිවාස දෙක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart