
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බවට පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහුට අවස්ථා කිහිපයකදී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
අද (මාර්තු 27) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකරමින් චමිත්‍රි රඹුක්වැල්ල කියාසිටින්නේ තම පියාගේ මානව හිමිකම් කඩ වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මේ සතිය මුලදී චමිත්‍රි රඹුක්වැල්ල විසින් තම පියා නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ගොනුකර තිබිණි.
කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකරමින් ඇය ඉල්ලා සිටියේ, තම පියා සුදුසු යැයි සලකන ඇප කොන්දේසි මත මුදාහරින ලෙසයි.
කෙසේවෙතත්, කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා මූලික විරෝධතා මතුකළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ, 2024 පෙබරවාරි 29 දිනැති මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු ඇතුළු සියලු කරුණු අධිකරණයට හෙළිකිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි.
මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් නීතිපතිවරයාගේ මූලික විරෝධතා පිළිබඳ විභාගය 2024 අප්‍රේල් 03 දිනට කල් තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart