
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යම් හෙයකින් මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවද, මෙම වසරේ සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා වන නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක අදහස වී ඇති බව පසුගියදා වාර්තා විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ, ජනාධිපතිවරයා මේ වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
“පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නම් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අපට බැහැ කියන්න බැහැ. අපිට එය පවත්වන්න වෙනවා.” යනුවෙන් ඔහු පවසයි.
මාස කිහිපයක කාලය තුළ මැතිවරණ දෙකක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු පැවසුවේ “එහිදී ප්‍රශ්න ඇති වුණත් සුදුසු ක්‍රමවලට ඒවා කළමනාකරණය කරගෙන එය කළ යුතුයි” යනුවෙනි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් එය ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් සිදුනොවන බවත්, පසුව පැවැත්වෙන මැතිවරණය නියමිත කාලය තුළ පවත්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
“ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර පැවැත්වීමට නියමිතයි. අපි මැතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා භාරගැනීම ජූලි අග හෝ අගෝස්තු මස මුලදී සිදුකරනවා. අපි ඒ සඳහා දැනට කටයුතු කරගෙන යනවා.” යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ අගභාගයේදී ප්‍රකාශ කළේ මෙම වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකටම රජය පහසුකම් සපයන බවයි.
එහෙත් පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ පැවැත්වෙන අතර මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා ප්‍රකාශ කළේය.
එම පසුබිම මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගියදා පැවති සාකච්ඡාවකදී පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවට වන පක්ෂයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව වාර්තා විය.
කෙසේවෙතත් පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බව වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අදහස වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart