
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍යවරයකු බව පවසමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් කියමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ 07, විජේරාම මාවතේ පදිංචි සැකකරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් හරහා විදේශ රැකියා ලබාදිය හැකි බව පවසා ඇති අතර ඔහු වෛද්‍යවරයකු බව ද ප්‍රකාශ කර ඇත.
මුදල් ලබාගැනීම සඳහා ඔහු නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පුද්ගලයන් කැඳවා තිබේ.
සැකකරු පුද්ගලයන් 09 දෙනකුගෙන් රුපියල් 7,650,000ක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහුට මුදල් දුන් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මෙම ජාවාරමට සහය වූ සැකකරුගේ බිරිඳ සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් නොගෙවන ලෙස කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට හිමිකම් ඇති බව ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart