
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ඉන්දීය ප්රිමියර් ලීග්(IPL) තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක උත්සවය පස්වරු 6.30ට චෙන්නායි හි චිදම්බරම් ක්රීඩාංගණයේදී පැවැත්වේ.
ආක්ෂේ කුමාර්, ටයිගර් ෂෙරොෆ්, ඒ.ආර්. රහ්මාන් සහ සෝනු නිගම් ඇතුළු කලාකරුවන්ගේ රංගනයෙන් සහ ගායනයෙන් එය වර්ණවත්වීමට නියමිතව තිබේ.
කණ්ඩායම් 10ක් තරග වදින ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක තරගය පසුගිය ශුරයින් වූ සත්කාරක චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජ් බැංග්ලොර් කණ්ඩායම අතර හෙට පැවැත්වේ. එය මෙරට වෙිලාවෙන් රාත්රී 08 ට ආරම්භ විමට නියමිතව ඇත.
ශ්රී ලංකා පිලේ නුවන් තුෂාර, මහීෂ් තීක්ෂණ මෙවර IPL තරගාවලියට සහභාගි වන අතර, වනිදු හසරංගට සහ මතීෂ පතිරණ අබාධයන්ට ලක්වීම හේතුවෙන් තරග කිහිපයක් අහිමිවනු ඇති බවයි වාර්තා වේ.
කෙසේවෙතත්, අබාධයකට ලක්වු ඩිල්ශාන් මධුශංකට තරගාවලියම අහිමිව ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart