
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළැඹෙන ලෝක කුසලාන තරග තහනම මඟහරවා ගැනීම සඳහා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හිතාමතාම තෝරාගෙන ඇති බවට එල්ල වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පවසයි.
බංග්ලාදේශ සංචාරය අතරතුර ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ කියාසිටියේ, වැරදි තොරතුරු ජනමාධ්‍යවල හුවමාරු වී ඇති බවයි.
එම ප්‍රකාශයන් පැහැදිළි කරමින් හලංගොඩ කියාසිටියේ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව මුලින් ප්‍රකාශ කළ වනිඳු හසරංග සති කිහිපයකට පෙර තම තීරණය වෙනස් කරගත් බවයි.
බංගලාදේශ සංචාරයට පෙර එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ලිපියක් ඉදිරිපත් කර ඇති බව හලංගොඩ වැඩිදුරටත් පැවැසීය.
“මෙම ලිපිය මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ලැබී තිබුණා. බොහෝ කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඔහු ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළා. ඒක ලෝක කුසලානයට කිසිම සම්බන්ධයක් නැහැ,” ඔහු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඉරිදා (මාර්තු 24) බංග්ලාදේශයේ සිල්හෙට්හිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart