
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ Oval Invincibles හෙවත් ඕවල් අපරාජිත කණ්ඩායමට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වී තිබේ.
The Hundred’s ලෙස නම්කර ඇති පන්දු 100 ආකෘතිය යටතේ පැවැත්වෙන තගාවලිය සඳහා Oval Invincibles කාන්තා කණ්ඩායම නියෝජනයට මෙවර තෝරා ගැනුණු පළමු තේරීම වූයේ චමරි අතපත්තුය.
මීට අමතරව ඩේවිඩ් මාලන් සහ අමන්දා-ජේඩ් වෙලින්ටන් ද Oval Invincibles පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා තෝරාගෙන ඇත.
ජෝ ගාඩ්නර්, ලිසී ස්කොට්, ජෝර්ජි බෝයිස් සහ ටොම් ලැමොන්බි ඕවල් කණ්ඩායම සඳහා අත්සන් කර ඇත.
The Hundred’s තරගාවලියේ සමාරම්භය සටහන් වන්නේ 2021 වසරේ දීය.
ඒ අනුව චමරි අතපත්තු The Hundred’sහි සිව්වැනි වසරේ ආරම්භක තරගයට සම්බන්ධ වනු ඇත.
ඇයගේ Oval Invincibles කණ්ඩායම ජූලි 23 අඟහරුවාදා Kia Oval වෙත ගොස් බර්මින්හැම් ෆීනික්ස් සමඟ තරඟ කිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart