
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගනේමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා සැකකරුවෙකු අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සැකකරු මියගොස් තිබේ.
වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බලකා සෙබළෙක් ද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට සැකකරුවකු වෙඩි තබා ඇත.
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද වෙඩිතබා ඇතැයි සඳහන් වේ.
එම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ සැකකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මේ අතර, එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු ද වෙඩි වැදීමෙන් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
මියගිය සැකකරු පසුගිය 09 වන දින සීදුව ප්‍රදේශයේ වෙඩිතැබීමකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයකු බවට පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart