
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වමත් වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මෆාකා මුම්බායි ඉන්ඩියන්ස්(MI) වෙනුවෙන් නම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ නැගී එන වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ IPL සිහිනය අවසන් විය.
ආබාධයක් හේතුවෙන් ඩිල්ෂාන් මධුශංකට ටාටා IPL 2024 තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවට අනාවැකි පළව තිබිණි.
ඩිල්ෂාන් මධුශංකගේ මෙම අබාධ පිළිබඳව සළකා බලා මුම්බායි ඉන්ඩියන්ස් මෙලෙස ක්වේනා මෆාකා සිය කණ්ඩායමට ඩිල්ශාන් වෙනුවෙන් නම්කර තිබේ.
ක්වේනා මෆාකා මෑතකදී අවසන් වූ ICC 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී දකුණු අප්‍රිකාව නියෝජනය කළ අතර තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.
ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මූලික මිලකට MI හා සම්බන්ධ වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart