
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඈෂ්ලි නර්ස්ගේ තුන් ඉරියව් දස්කම් සහ විනයගරුක පන්දු යැවීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 ලෙජන්ඩ්ස් කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නට රාජස්ථාන් කිංග්ස් කණ්ඩායම සමත්විය.
ඒ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරඟයේදී නිව්යෝර්ක් සුපර්ස්ටාර්ස් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් වාර්තා කරමිනි.
පන්දු 90 ආකෘතිය යටතේ පැවති තරගයේදී රාජස්ථාන් කිංග්ස් වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නර්ස් ලකුණු 97ක් රැස් කළ අතර තීරණාත්මක අවස්ථාවක කඩුල්ලක් දවාගනිමින් අවසන් මහා තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තේය.
රාජස්ථාන් කිංග්ස් කණ්ඩායම විසින් ලබාදුන් ලකුණු 180ක තියුණු ඉලක්කයක් හඹාගිය නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 15 තුළදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159ක් පමණි.
රාජස්ථාන් කිංග්ස් පිලේ සියලුම පන්දුයවන්නන් ප්‍රශංසනීය දස්කම් දැක්වූ අතර පන්දු යවන්නන් හයදෙනාගෙන් පස්දෙනෙක් එක් කඩුල්ල බැගින් දවාගත්හ.
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක පර්වින්දර් අවානා ලකුණු 26ක් පමණක් ලබාදෙමින් සිය ඕවර තුනේදී එක් කඩුල්ලක් දවාගනිමින් කැපී පෙනිණි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නිව්යෝර්ක් සුපර්ස්ටාර්ස් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ යුවරාජ් සිං රොබින් උතප්පා ප්‍රමුඛ කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
එහිදී නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් පිලේ කැපීපෙනෙන පන්දු යවන්නා ලෙස ජෙරොම් ටේලර් මතුවූයේ ලකුණු 40කට තීරණාත්මක කඩුලු 3ක් දවාගනිමිනි.
නුවන් ප්‍රදීප් ද ස්ට්‍රයිකර්ස් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් තම ඕවර තුනේදී ලකුණු 20ක් පමණක් ලබාදෙමින් එක් කඩුල්ලක් දවාගත්තේය.
රාජස්ථාන් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු 90දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 179ක් ලෙස අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart