
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටවැසියන්ට ඉහළම මට්ටමේ පූර්ව රෝහල් ප්‍රතිකාර ලබාදෙන අතරම ගණනය කළ නොහැකි තරම් ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් ගාස්තු රහිත ‘1990 සුවසැරිය’ ගිලන්රථ සේවාව ලෝක බැංකුව විසින් ප්‍රශංසාවට ලක්කර තිබේ.
ප්‍රතිකාර ප්‍රමාදවීම හේතුවෙන් ඇති වන සංකූලතා අවම කරගනිමින් වාර්තාගත අවම කාලයකින් ක්‍රියාත්මක වන මෙම ගිලන්රථ සේවාව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් තවදුරටත් ඇගයීමට ලක්කර තිබිණි.
2016 දී දියත් කළ දින සිට, විපතට පත් ශ්‍රී ලාංකික පුරවැසියන් මිලියන 1.8ක් 1990 අමතා සහය ඉල්ලා ඇති බවත් සුවසැරිය ගිලන් රථයක් ඇමතීමක් ලැබීමෙන් විනාඩි 12ක් ඇතුළත ළඟම ඇති රෝහලට හෝ ප්‍රාථමික සත්කාර මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇති බවත් එය ගිලන් රථ සේවාවක් සඳහා ලොව වේගවත්ම ප්‍රතිචාර අනුපාතය බවත් ඔහු පෙන්වා දී තිබේ.
රාජ්‍ය-පෞද්ගලික අංශය සහ සිවිල් සමාජ හවුල්කාරිත්වය හරහා සමාජ සේවා සැපයීම ඇතුළු සංවර්ධන නවෝත්පාදන රැසකට දකුණු ආසියාව නිවහනක් වන අතර, 1990 සුවසැරිය එහිදී අභිමානවත් ස්ථානයක පවතින බව රයිසර් පැවසීය.
ලෝකයේ ඩිජිටල්කරණය අතින් වඩාත්ම දියුණු සහ නොමිලේ ගිලන්රථ සේවාවක් වන ‘1990 සුවසැරිය’ 2018 දී පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනතක් හරහා ස්ථාපනය කර තිබේ.
එය පෞද්ගලික අංශයේ සංවිධානයක කඩිසරකම සහ ස්වාධීනත්වය සමඟ ක්‍රියාත්මක වන රජයේ ආයතනයකි.
සෞඛ්‍ය සහ හදිසි සේවා සඳහා වන ප්‍රමුඛ ඩිජිටල් නවෝත්පාදනයක් යොදා ගනිමින් සිදුකරන මෙම සේවය පිළිබඳ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ‘සුවසැරිය ’ වෙත ප්‍රශංසා කළේය.
“එහි සන්නාමය සහ කාර්යක්ෂමතාව පැමිණෙන්නේ එහි ක්‍රියාවලි සහ මෙහෙයුම් ඩිජිටල්කරණය හරහා ඒකාබද්ධ කිරීමෙන්. හදිසි අවස්ථාවකට යෙදවිය හැකි වේගවත්ම (ළඟම නොවන) ගිලන්රථය හඳුනා ගැනීමට විශේෂිත ඇල්ගොරිතම භාවිත කිරීමෙන්. එය යෙදුමක් හරහා ඇමතුම් ගන්නන්ගේ ස්ථාන නිරීක්ෂණය කිරීම, ඩිජිටල් ලෙස ලුහුබැඳීම සහ වාහනවල ඉන්ධන මට්ටම් පරීක්ෂාව දක්වා එය විහිදී තිබෙනවා ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart