March 19, 2024

සමගි ජන බලවේගය පක්ෂයේ ‘සක්වල’ පාසල් බස් රථ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පාසල් බස් රථයක් පරිත්‍යාග කර තිබේ.

විපක්‍ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 5ක් වටිනා බස් රථය පාසල් බලධාරීන් වෙත පරිත්‍යාග කෙරිණි.

පරිත්‍යාගයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස පෙන්වාදුන්නේ දේශපාලන විරුද්ධවාදියකුගේ නම යම් ස්ථානයක තිබේ නම් වෙනත් දේශපාලනඥයන් ඒ දෙස නොබැලීම සාමාන්‍ය සිරිත බවයි.

තමන් සහ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර මතභේද පැවතිය ද එවැනි කුහක අදහස් නොමැති නිසා පාසලට බස් රථයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළ බව ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂගේ නමට වඩා පාසලේ දරුවන්ගේ අනාගතය තමාට වැදගත් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.