
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟ තුනකින් සමන්විත පිරිමි T20 අන්තර්ජාතික තරඟාවලිය කල්දැමීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා හෙවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඔවුන් නිකුත් කළ නිවේදනයක් දැක්වුණේ ඕස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹි බවයි.
ඇෆ්ගනිස්ථානයේ කාන්තා සහ ගැහැණු ළමුන් පිළිබඳ මානව හිමිකම්වල කැපී පෙනෙන පිරිහීමකින් පසු 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරඟාවලිය කල් දැමීමට ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි.
එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සම්බන්ධ වැඩිදියුණු කළ කොන්දේසි අපේක්ෂාවෙන් තමන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සමඟ අඛණ්ඩව කටයුතු කරන බවයි.
පසුගිය මාස දොළහ තුළ තම ආයතනය ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය සමඟ අඛණ්ඩව සාකච්ඡා කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.
රජයේ උපදෙස වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවයි.
මේ හේතුව නිසා, තම පෙර ස්ථාවරය පවත්වා ගෙන යමින් ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟාවලිය කල් දමන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා සහ ගැහැණු ළමුන්ගේ සහභාගීත්වය සඳහා සිය දැඩි කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බවත් අනාගතයේ ද්විපාර්ශ්වික තරඟ නැවත ආරම්භ කිරීමට සහාය වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි තීරණය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරන බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart