
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයට ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධන ඇතුළත් නව පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය රටේ නව යොවුන් වියේ තරුණ තරුණියන්ට අතිශයින්ම අහිතකර ප්‍රතිවිපාක ගෙන දෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පවසයි.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, එවැනි වෙනස්කම් හඳුන්වාදීමට උත්සාහ කිරීමේදී අධිකරණ අමාත්‍යංශයේ අභිප්‍රාය ඇතුළු කරුණු පිළිබඳ මේ සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට අදහස් කරන බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්තිවලට සංශෝධන යෝජනා කරමින් මාර්තු 13 වැනි දින නිකුත් කරන ලද අධිකරණ අමාත්‍යංශයේ නවතම කෙටුම්පත මගින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකට වරදකරුවන වයස අවුරුදු 22ට අඩු වැඩිහිටි පිරිමින්ට වඩාත් ලිහිල් දඬුවම් (අනිවාර්ය අවම දඬුවම හෝ අනිවාර්ය අවම දඬුවමක් වෙනුවට අත්හිටවූ සිරදඬුවම් ඇතුළුව) ලබාදීමට ඉඩ සැලසෙන ප්‍රතිපාදන යෝජනා කර තිබේ.
එසේම ලිංගිකත්වය සඳහා දැරියක විසින් කැමැත්ත දීමට හැකි වයස අවුරුදු 16 සිට 14 කිරීමට ද යෝජනා කර ඇත.
දැනට පවතින නීතිය යටතේ ද මසකට ළමා හා නව යොවුන් වියේ ගැබ්ගැනීම් පිළිබඳ සිද්ධීන් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වාදෙයි.
එහි සභාපතිවරයා සඳහන් කළේ, එවැනි නීති ලිහිල් කිරීමෙන් මෙම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවයි.
මෙම පනත් කෙටුම්පත රටේ බාලවයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වන නිවැරදි මාවතේ ඉදිරි පියවරක් නොවන බව ඔහුගේ අදහස වී තිබේ.
සාධාරණ අර්ථයකින් ලිංගික ක්‍රියාකාරකම් සඳහා කැමැත්ත ලබා දිය නොහැකි බාලවයස්කරුවන්ට ලබා දී ඇති ආරක්ෂාව මෙමගින් බිඳී යන බව ඔහු පැවසීය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැවරී ඇති වරම අනුව, 1998 සිය අධිකාරියේ පනතට අනුව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියෝජනය කරන පාර්ශ්වයක් විසින් ළමුන් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ මාර්තු 20 වැනි දින ප්‍රශ්න කරන බව ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමඟ ක්‍රියාකරන නීති වෘත්තිකයන් පනත් කෙටුම්පත පිටුපස ඇති අරමුණු පිළිබඳ අධිකරණ අමාත්‍යංශයෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බවයි.
සිවිල් සමාජ කණ්ඩායම් ද මෙම පනත් කෙටුම්පතට විරුද්ධ වෙමින්, පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහි නීතිමය තර්ක ගෙනහැර දක්වමින් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පනත් කෙටුම්පත මාර්තු 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart