
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා ශිවරාත්‍රි දින රාත්‍රියේ වෙඩුක්කුනාරිමලෙයි ඇති ලිංගේෂ්වරර් පුදබිමේ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය තුළ විරෝධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
රිමාන්ඩ් භාරයේ සිටින අටදෙනා නිදහස් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
සාවද්‍ය චෝදනා මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම පුද්ගලයන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ඔවුහු පැවසූහ.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, තම තමන්ගේ ආගම් පිළිපැදීමට සියලු ජනතාවට අයිතියක් තිබිය යුතු බවයි.
දැනට අධිකරණයේ පවතින ප්‍රශ්නවලට රජයට මැදිහත් විය නොහැකි බව පැවසූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, ඒ පිළිබඳව සොයාබලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව පැවැසීය.
“පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයන් නිදහස් කළ නොහැකියි. ඔවුන් නිදහස් කළ යුත්තේ අධිකරණයෙන් පමණයි,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart