
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපුවන් දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ඊයේ (18) පියවර ගත්තේය.
රුහුණු මහා කතරගම දේවාලයේ කපුවන් වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ ‘කපු ධූර’ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවත්, ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාළිගයට ඇතුළුවීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ලිඛිතව දැනුම් දුන්නේය.
රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩාරාළ තනතුරට අදාල වගකීම් සහ රාජකාරි සියල්ල දැනට රුහුණු මහා කතරගම දේවාලයේ කපු ධූරයේ නියුතු ‘අරාපක්ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර’ යන අයට නොපමාව බාරදිය යුතු බවත්, ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරළීම සහ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සුදුසුකම්ලත් පරීක්ෂණ නිලධාරියකු නම් කර කඩිනමින් ඔවුන්ට දන්වන බවත් බස්නායක නිළමේවරයා සඳහන් කරයි.
අදාල රත්තරන් තැටිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විධිමත් පරීක්ෂණයක් පවත්වා එම කපුමවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු අධිකරණයෙන් ඇප ලබා සිටින බවද කියන බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර, අදාළ සිද්ධිය ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමෙන් රුහුණු මහා කතරගම දේවාලයට දැඩි අපකීර්තියක් වූ බවද සඳහන් කරයි.
මෙම සිද්ධිය බැලූ බැල්මට බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවක හෝ විනය විරෝධී ක්‍රියාවන්හි නියුතු වී ඇති බවට පෙනීයන බැවින්, බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාර රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු විධිමත්ව පත්වාගෙන යෑමට නොහැකි වී ඇති බවද බස්නායක නිළමේවරයා කපුවන්ට යොමු කළ ලිපිවල සඳහන් වේ.
අදාළ චෝදනාව එල්ලවී තිබෙන කපුවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart