
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2ට ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය අද සමත් විය.
ඒ අද පැවති තුන්වැනි එක්දින තරගය පන්දු 58ක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජය ලැබීමත් සමගය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් අවස්තාවක් ලබා දුන්නේ නැත.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 74කදී දැවී ගොස් තිබිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ සාර්ථක පිතිකරණයක නිරත වුයේ ජනිත් ලියනගේ වන අතර ඔහු නොදැවී ලකුණු 101ක් ලබාගැනීමට සමත් විය.
එය ඔහුගේ මංගල එක්දින ශතකයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසන් කළේ සියලුදෙනා දැවී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 236ක ඉලක්කයක් ලබා දෙමිනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 237ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කරන්නට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුහ.
තරගයේ වීරයා බංග්ලාදේශ කණ්ඩායමේ Rishad Hossain.
තරගාවලියේ වීරයා ලෙස බංග්ලාදේශ කණ්ඩායමේ Najmul Hossain Shanto නම් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart