
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
SLT-MOBITEL ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක් වී, සාමාන්‍ය මගීන් සහ රජයේ සේවකයන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ යටතේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, එය මෙරට දුම්රිය සේවාව නවීකරණය කිරීමේ උත්සාහයේ වැදගත් පියවරක් වනු ඇත.
මෙම නව ක්‍රමවේදය යටතේ, සාමාන්‍ය මගීන්ට සහ සංචාරකයන්ටද නව විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් තම ප්‍රවේශපත්‍ර මිලදීගත හැකි වේ.
ඊට අමතරව රජයේ සේවකයන්ට විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හරහා ප්රතිලාභ රාශියක් අත්විඳිය හැක.
මීට පෙර පාරිභෝගිකයන් මාර්ගගත ක්‍රමයට ටිකට්පත් වෙන්කරවාගත් පසුව ඔවුන්ට දුම්රිය ස්ථාන හෝ වෙනත් නම්කළ ස්ථාන වෙත පැමිණ මුද්‍රිත ටිකට්පත් ලබාගැනීමට සිදුවිය.
එහෙත් මෙම විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය නිසා ඔවුන් තවදුරටත් එසේ කිරීම අවශ්‍ය නොවේ.
නව ක්‍රමය යටතේ මගීන් දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට වෙන්කරවා ගත් විට ඔවුන්ගේ ස්මාර්ට් දුරකථන වෙත QR කේතයක් සහිත විද්‍යුත් ටිකට්පතක් ලැබෙන අතර, ගමනාන්තය දක්වාම එම විද්‍යුත් ටිකට්පත භාවිත කළ හැකි වේ.
මීට අමතරව රජයේ සේවකයන් වෙනුවෙන් විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්රමයක්ද හඳුන්වා දී තිබේ.
මීට පෙර දුම්රිය බලපත්‍ර හිමියන් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී ඔවුන්ට එම බලපත්‍ර රැගෙන දුම්රිය ස්ථාන වෙත පැමිණීමට සිදුවිය.
එහෙත් නව ක්‍රමය යටතේ ඔවුන්ට තම වටිනා කාලය සහ ශ්‍රමය ඉතිරි කරගනිමින් මාර්ගගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත හැකි වේ. තම දුම්රිය බලපත්‍රයේ තොරතුරු ලබා දී යොමු අංකයක් ලබාගැනීම මගින් ඔවුන්ට mTicketing පහසුකම සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් තම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැක.
රජයේ සේවකයන්ට මෙම ක්‍රමය භාවිත කරමින් සෑම දිනකම පැය 24 පුරා ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත හැකි වේ.
මෙම විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය පිරිවැය අවමකරන සහ මනා විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයන් ලෙස හැඳින්විය හැකි අතර, එය සංචාරකයන්ටද ඉමහත් පහසුවක් වනු ඇත.
එමෙන්ම එය කඩදාසි භාවිතය අවම කිරීමටද උපකාරී වනු ඇති අතර, පුනර්ජීවනය ලබමින් සිටින සංචාරක කර්මාන්තයටද අත්වැලක් වෙමින් ජාතික ආර්ථිය නංවාලීමේ මෙහෙවරට උරදෙනු නිසැක ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart