
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෝප් කමිටුවේ සභාපති රෝහිත අබේගුණවර්ධන ජාතික ජන බලවේගයේ විජිත හේරත් මන්ත්රිවරයට එරෙහිව අපහාස නඩු දමනතුරු බලාසිටින බව ජාතික ජන බලවේගය පවසයි.
ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේ දී පැවැති රැස්වීමකදී සඳහන් කළේ, රෝහිත අබේගුණවර්ධන යනු උසාවිය මගහැරී පුද්ගලයෙක් බවයි.
“අපේ විජිත හේරත් සහෝදරයාට එරෙහිව රෝහිත අබේගුණවර්ධන උන්නැහේ එන්තරවාසි ලබන සතියේ එවනවා කියලා මාධ්‍යවල විකාශය වෙනවා අපි දැක්කා. අනේ ලොකු දෙයක්. ඉක්මණට නඩු දානවා නම් අපිත් ලෑස්තියි ඔප්පු කරන්න. ඒ නඩුව ඉක්මණට ගන්නවා නම් හොඳයි. අපිට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා එයා කවුද කියලා ඔප්පු කරන්න. අපි උසාවියේ දී හමුවෙන්න කැමැතියි.
එයා උසාවි මග හැරල ගිය කෙනෙක්. අල්ලස් කොමිෂමට එන්න කීවම නයා ගහපු කෙනෙක්. අපි කැමතියි එයා නඩු දානවාට උසාවියේ දී හමුවෙන්න පුළුවන්. අපි හරිම කැමතියි එයා අපිට එන්තරවාසා එව්වොත් ඉක්මනට උත්තර දෙනවා. රජයේ මුදල් ආරක්ෂා කිරීම ගැන ජනතාවට වගකියන්නේ කෝප් කමිටුවයි. ඒ නිසා අපි හරි කැමැතියි ඒ දෙවල්වල ඇත්ත නැත්ත උසාවියේ දී කතා කරන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart