
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දීය කණ්ඩායම් කළමනාකරුවන් දෙදෙනකුට රටින් පිටවීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් කර තිබේ.
තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ගොනු කළ පැමිණිල්ලකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ වන විට මහනුවරදී පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවාදීමට අදාළ සාකච්ඡා සඳහා කළමනාකරුවන් දෙදෙනා තමන් වෙත පැමිණි බවට විශ්‍රාමික ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු චෝදනා කර ඇති බව වාර්තා වේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
තරග පාවාදීම් සම්බන්ධ වැරදි කිහිපයක් අපරාධයක් බවට පත්කළ පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාවයි.
2019 වසරේ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් හඳුන්වා දුන් නීති අනුව තරග පාවාදීම් සම්බන්ධයෙන් වරදකරුවන් වසර 10ක සිර දඬුවමක් සහ ඩොලර් 555,000ක දඩයකට යටත් කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart