
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 03කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 50 තුළ කඩුලු 07කට ලකුණු 286ක් රැස්කළේය.
බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් ලකුණු 68ක් සහ ටවුහිඩ් රිඩොයි නොදැවී ලකුණු 96ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවක් තුළ කඩුලු 08කට ලකුණු 287ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් ලකුණු 43කට දැවීගිය මොහොතේ පිටියේ එක්වූ උපනායක චරිත් අසලංක සහ පැතුම් නිශ්ශංක 05 වැනි කඩුල්ලට ලකුණු 185ක සබඳතාවක් පැවැත්වූ අතර, පැතුම් නිශ්ශංක ලකුණු 114ක් සහ චරිත් අසලංක ලකුණු 91ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයමාවත අභියසට ගෙන එන ලදී.
අනතුරුව, අද තරගයට කැඳවූ දුනිත් වෙල්ලාලගේ (නොදැවී ලකුණු 15යි) සහ වනිඳු හසරංග (ලකුණු 25යි) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගනිමින් සම තත්ත්වයේ පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart