
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් තරුවක වන කුමාර් සංගක්කාර පුණ්‍ය කටයුතු සඳහා මුදල් රැස් කිරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ බ්ලැන්ඩ්ෆෝර්ඩ්හි ක්‍රවුන් හෝටලයේ පවතී වැඩසටහනක පසුගිය දා සහභාගී වී තිබිණි.
ඩෝර්සෙට් සහ සමර්සෙට් ගුවන් ගිලන් රථයට ආධාර පිණිස ෂිලින්ස්ටෝන් ක්‍රිකට් සමාජය විසින් පිහිටුවන ලද අරමුදල් රැස්කිරීමේ උත්සවයට සංගක්කාර සහභාගී වී තිබුණේ ඩෝර්සෙට්හි පදිංචිකරුවකු ද ලෙසිනි.
පසුගිය සමයේ පැවති තරඟයකදී ෂිලින්ස්ටෝන් ක්‍රීඩකයකු රෝගාතුර වූ විට ගුවන් ගිලන් රථයක් අවශ්‍ය වී තිබීම මෙවැනි ආධාර එකතු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට හේතු වී තිබිණි.
අලෙවි කිරීම සහ වෙන්දේසි කිරීම සඳහා සංගක්කාර විසින්ම පරිත්‍යාග කරන ලද පා ආවරණ සහ අත්වැසුම් ඇතුළු භාණ්ඩ ඉදිරිපත් කර තිබූ අතර එමගින් රාත්රියේදී පවුම් 3,000ක් පමණ උපයා ගැනීමට හැකි වී තිබේ.
වැඩසටහනේ ප්‍රශ්නෝත්තර අතරතුර, සංගක්කාර මෙරට සිවිල් යුද්ධය මධ්‍යයේ හැදී වැඩුණු තරුණ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා දුන් අතර ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ සහ ඉන් පසුව තම රට නියෝජනය කිරීම පිළිබඳ ඔහුට ඇති ආඩම්බරය පිළිබඳව ද කතා කළේය.
සිය දරුවන් තිදෙනා ඔහුව ටේලර් ස්විෆ්ට් රසිකයකු බවට පත් කළ ආකාරය හෙළි කිරීමට පෙර ඔහු සිය ප්‍රියතම පිතිකරු ලෙස බටහිර ඉන්දීය ජනප්‍රිය ක්‍රීඩක බ්‍රයන් ලාරා නම් කළේය.
සංගක්කාර ඔහුගේ ශ්‍රී ලංකා නායකත්වය, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ආකාරය සහ ඔහුගේ අනාගතය ගැන ද මෙහිදී තොරතුරු ඉදිරිපත් කළේය.
Echosport වෙත අදහස් දක්වමින් සංගක්කාර මෙම පුණ්‍ය කටයුත්තට සහයෝගය දැක්වීමට තමන් සතුටු වන්නේ මන්දැයි පැහැදිලි කළේය.
“එය ඇත්තෙන්ම විශේෂයි. ක්‍රිකට් ක්‍රීඩාව මට ගොඩක් දේවල් දීලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු විට ඔබ දරන සමාජ වගකීම ඔබේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී ඉතා වැදගත් අංගයක් වනවා.” යනුවෙන් ඔහු පැවසුවේය.
“ඔබ මව්බිමේ සිටින විට සහ විදේශයන්හි සිටින විට එය වෙනස් වෙන්නේ නැහැ, මගේ දරුවන් බ්රයන්ස්ටන් පාසලට ගොස් ඩෝර්සෙට්වල වාසය කරනවා. එබැවින් මේ ප්‍රජාවට යමක් නැවත ලබා දීම සතුටක්. ” යනුවෙන් ඔහු සඳහන් කළේය.
වෘත්තීය ක්‍රීඩාවට යෑමට කැමති ඕනෑම ත්රුණ ක්‍රිකට් ක්‍රීඩකයකු සඳහා එක් රන් අවවාදයක් ඔහු ලබා දුන්නේය.
“මම හිතන්නේ එය ජීවිතයේ සෑම දෙයකටම අදාළ වන උපදෙසක්. ඔබට සැලැස්මක් තිබිය යුතුයි. ඔබට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනවා, එයයි අවබෝධ කර ගතු යුතු වන්නේ.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart