
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව සමග පසුගිය සෙනසුරාදා සිල්හෙට් හි පැවැති තුන්වැනි පන්දුවාර 20 තරඟයේදී අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්රහයේ 1 වන මට්ටම කඩකිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්රීඩක ටොව්හිඩ් රිඩොයිට තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩයක් නියම කර තිබේ.
බංග්ලාදේශ ඉනිමේ හතරවැනි පන්දුවාරයේදී නුවන් තුෂාර යොමුකළ පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවීගිය පසු ටොව්හිඩ් නැවත ක්රීඩාගාරයට යන අතරතුර ආපසු හැරී ශ්රී ලංකා ක්රීඩකයන් සමඟ ආක්රමණශීලීව සහ නුසුදුසු ලෙස කතාකරන අයුරු දක්නට ලැබිණි.
එම සිදුවීම පිළිබඳ ටොව්හිඩ් වරද පිළිගත් බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් විභාගයක් සිදුකර නැත.
තරගයේ විනිසුරුවරුන් විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart