
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 700ක් දවාගත් පළමු වේග පන්දු යවන්නා බවට පත්වීමට ජේම්ස් ඇන්ඩසන් සමත්ව තිබේ.
ඉන්දියාව සමග ඊයේ අවසන්වූ ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේදී කුල්දීප් යාදව්ගේ කඩුල්ල දවාගනිමින් ජෙම්ස් ඇන්ඩසන් සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල ලබාගත්තේය.
ඒ අනුව, ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර ඔහු තුන්වැනි තැනට පත්වූයේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ ෂෙන් වෝන්ට පසුපසින් සිටිමිනි.
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් සහ ෂෙන් වෝන් ටෙස්ට් කඩුලු 708ක් ලබාගෙන තිබේ.
ඇන්ඩසන් ටෙස්ට් තරග 187කදී ඉනිම් 348ක් ක්‍රීඩා කරමින් ටෙස්ට් කඩුලු 700 බිඳහෙළා ඇති අතර, ඔහු එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් දිවිය ආරම්භ කර ඇත්තේ 2003 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.
ඉන්දියාව එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 04ට 01ක් ලෙස ජයගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart