
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍ර නොමැති හොර වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත්ව සිටියදී වෛද්‍ය උපාධිය ලබා ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටි නවක වෛද්‍ය උපාධිධාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගිය සමයේ කටයුතු කර ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
ඔහු ප්‍රකාශ කරන්නේ, හොර වෛද්‍යවරුන් යනු සුදුසුකම් නොමැතිව සහ ලියාපදිංචියක් නොමැතිව ඇලෝපති වෛද්‍ය විද්‍යාව, ආයුර්වේද, හෝමියෝපති සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන පිරිස බවයි.
“බොහෝ නවක වෛද්‍ය උපාධිධාරීන් සාමාන්‍යයෙන් රජයේ පත්වීම් ලැබෙන තුරු බලපත්‍රලාභී වෛද්‍යවරයකු යටතේ සේවය කරනවා. එසේ සේවය කිරීම නීති විරෝධී නැහැ. මොකද අලුත් වෛද්‍ය උපාධිධාරීන්ට බලපත්‍ර ලබා ගැනීමට පෙර මෙමගින් යම් මුදලක් සහ පළපුරුද්දක් උපයා ගත හැකියි. වෛද්‍ය උපාධිධාරීන් වැඩ කරන්නේ නැහැ ස්වාධීන වෛද්‍යවරුන් ලෙස, ඔවුන් වගකිව යුතු ලියාපදිංචි වෛද්‍යවරයකු යටතේ වැඩ කරන්නේ,” යනුවෙන් ඔහු පවසයි.
නමුත් අවාසනාවකට පොලිසිය අත්අඩංගුවට ගන්නේ හොර වෛද්‍යවරුන් නොව වෛද්‍ය උපාධිධාරීන් බවත් එය වහා නැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කරයි.
පෞද්ගලික සෞඛ්‍ය අංශය පැය 24 පුරාම පවත්වාගෙන යෑමට වෛද්‍ය උපාධිධාරීන්ගේ සේවය හෝ සහාය අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකට අනුව එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව ද ඔහු කියාසිටියි.
සෞඛ්‍ය අමාත්‍යංශය අධෛර්යමත් කළ යුත්තේ හොර වෛද්‍යවරුන් මිස නවක වෛද්‍ය උපාධිධාරීන් නොවන බව ඔහු පවසයි.
“වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවසා ඇත්තේ සැබෑ හොර ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. නමුත් ඔවුන් අත්අඩංගුවට ගන්නේ විවිධ වෛද්‍යවරුන්ගේ සහායකයන් ලෙස සේවය කරන උපාධිධාරී වෛද්‍යවරුන්. වෛද්‍ය උපාධිධාරියකුට ලියාපදිංචි වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ප්‍රායෝගික පළපුරුද්ද තිබිය යුතුය,” යනුවෙන් වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart