
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුවන් තුෂාරගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට එරෙහි තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ ජය 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවිණි.
තරගාවලියේ ත්‍යාග පිරිනැමීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිඩකයන් සියලු දෙනා ටයිම් අවුට් පෙන්වමින් සමුහ ජායාරූපයට පෙනි සිටීම කැපී පෙනිණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 07කට ලකුණු 174ක් ලබා ගත් අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදි ලකුණු 86ක් රැස්කළේ සිය ඉනිමට හතරේ සහ හයේ පහර 6 බැගින් එල්ල කරමිනි.
අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13දී දසුන් ශානක ශානක දවාගත් අතර තරගයේ තුන්වැනි පන්දුවාරයේදී බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කරන්නට නුවන් තුෂාර සමත්වුයේ සිය මංගල කඩුලු ත්‍රිත්වය වාර්තා කරමිනි.
එහිදි සෞම්‍ය සර්කාර්,නජ්මුල් හුසේන් සැන්ටෝ සහ ටවුහිඩ් හිරෝදි නුවන් තුෂාරගේ කඩුලු ත්‍රිත්වයට හසු වූ බංග්ලාදේශ පිතිකරුවන්ය.
ටවුහිඩ් හිරෝදි දැවි යන අතරතුර වචන හුවමාරුවකට පැමිණි අයුරු ද දක්නට ලැබිණි.
නුවන් තුෂාර බංග්ලාදේශ ඉනිමේ කඩුලු 05ක් දවා ගත් ,අතර නායක වනිඳු හසරංග,කඩුලු 02ක් බිඳහෙළීමට සමත්විය.
බංග්ලාදේශ ඉනිම පන්දුවාර 19යි පන්දු 04කදි ලකුණු 146කට සීමාවිය.
තරගයේ වීරයා ලෙස නුවන් තුෂාර සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවේ කුසල් මෙන්ඩිස්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart