
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සරසවි සිසුවකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස්දෙනෙකු ඇතුළු විසිහත්දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී ඊයේ (08) රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර පෞද්ගලික සරසවියක අධ්‍යාපනය ලබන සිසුවියන් පස්දෙනකු, සිසුන් 12 දෙනකු ඇතුළු විසිහත්දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර වෛශ්‍යාවන් තිදෙනකුද සිට ඇති අතර, සාදය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ මිතුරන් හතරදෙනකු විසින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් බවද අනාවරණය වී ඇත.
දියතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයකු පෞද්ගලික සරසවියක අධ්‍යාපනය සඳහා හෝමාගම උඩුවන මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් 45000 කුලියට ලබාගත් නිවසක මෙම සාදය පවත්වා ඇත්තේ ඔහුගේ විසිදෙවැනි උපන්දිනය වෙනුවෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් විස්සක්, වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්, මත්පෙති තුනක්, හා ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart