
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදිම සිදුකිරීමට තීරණය කර තිබේ.
කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ සභාපති හා ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ විහරාධිකාරි පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමින් වහන්සේ පවසා ඇත්තේ, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හා විහාරස්ථ දායක සභාවේ සහාය මත ඝාතනයට ලක්වූ එම ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු කැනඩාවේදි සිදුකෙරෙන බවයි.
ඒ සඳහා මියගිය පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීන් එකඟතාව පළකර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කර ඇත.
කෙසේවෙතත් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු කැනඩා පොලිසිය මගින් මෙතෙක් නිදහස් කර නැත.
කැනඩාවේ ඔටාවාහී බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනකු තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර තිබිණි.
කුඩා ළමුන් 4ක් ඔවුන්ගේ මව සහ තවත් ශ්‍රී ලාංකිකයකු එලෙස ඝාතනයට ලක්විය.
මියගිය දරුවන්ගේ පියා ද තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
ඝාතන සම්බන්ධයෙන් සැකපිට 19 හැවිරිදි ශ්‍රි ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් ජනමාධ්‍ය පවසන්නේ, ඔහු එම නිවසේම රැඳී සිටි පුද්ගලයෙක් බවයි.
අත්අඩංගුවට සැකකරු ලබන 14 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart