
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්බර බන්ධනාගාරයේ සිට රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු කටයුතු සඳහා රැගෙන ආ රැඳවූවන් තිදෙනකු අධිකරණ කටයුතු හමාර වී යළි බන්ධනාගාර බසයට යොමුකරමින් සිටි අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැනගොස් ඇති අතර, ඊයේ (8) කළ මෙහෙයුමකින් පසු එක් රැඳවූවකු රිදීගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ පළාගිය, මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව බන්ධනාගාර ගතකර සිටි සිරකරු යළිත් රිදීගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීගම පොලිස් වසමට අයත් මාර්ගයක ධාවනය වූ බසයක් තුළ සිටියදීය. සිරකරුවන් තිදෙනකු පලා යෑමත් සමඟ රිදීගම පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී යොදා තිබූ මාර්ග බාධකයකදී බස් රියක් නවත්වා පරීක්ෂා කිරීමේදී මේ සිරකරු එහි වාඩි වී සිට ඇත. එම රැඳවූවා රිදීගම පොලිසිය විසින් යළිත් දුම්බර බන්ධනාගාරය වෙත ඊයේ (8) භාරදී තිබිණී.
පසුගිය 7 දා පෙරවරුවේ මේ රැඳවූවන් තිදෙනා රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත්තේ NW-6207 බන්ධනාගාර බස් රථයෙනි. මොවුන්ගෙන් එක් අයකු වලගම පිහිඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 33 හැවිරිදි අයකු වන අතර ඔහු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පසුගිය වසරේ නොම්බර් මස 25 දා බන්ධනාගාරගත කළ අයෙකි.
වලව්වත්ත, තණදෙණියාවල පදිංචි 31 හැවිරිදි අනෙක් රැඳවූවා පහරදීම් සම්බන්ධ චෝදනා මත බන්ධනාගාරගත කළ අයෙකි. 37 හැවිරිදි අනෙක් රැඳවූවා මොරතිහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සොරකම් සම්බන්යෙන් මෙවසරේ ජනවාරි 26 දින බන්ධනාගාරගත කළ අයෙකි.
පළාගිය සෙසු සිරකරුවන් සොයා රිදීගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවද ජේලර්වරයකුගේ මූලිකත්වයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart