
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය සමග අද පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බලඇණියේ වෙනසක් සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
බංග්ලාදේශයට සමග පළමු තරගයෙන් ලකුණු තුනක තියුණු ජයක් හිමිවුවද එම තරගයේදි මතීෂ පතිරණ අසාර්ථක පන්දු යැවීමක නිරත වීම හේතුවෙන් ඔහු වෙනුවට නුවන් තුෂාර කැඳවීමට ඉඩ ඇත.
එමෙන්ම බිනුර ප්‍රනාන්දු ද යම් පසුබෑමකට ලක්ව පළමු තරගයේ පන්දු යැවීම හමුවේ ඩිල්ශාන් මධුශංක ද බංග්ලාදේශයට එරෙහි දෙවැනි පන්දුවාර 20 තරගයට ක්‍රිඩා කරනු ඇති බව වාර්තා වේ.
අවිශ්ක ප්‍රනාන්දු සාර්ථක ආරම්භයක් ලබා නොදුන්නද ඔහුට තව අවස්ථාවක් හිමිවන අතර යම් හෙයකින් කුසල් පෙරේරා වෙනුවට කැඳවු නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව හිමිවිමේ ඉඩක්ද ඇත.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවැනි පන්දුවාර 20 තරගය අද පස්වරු 5.30 ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart