
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩවීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට විශ්වාසනීය වගවීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී කොලොම්බියාව, ගෝතමාලාව, හොන්ඩුරාස්, නිකරගුවාව, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව යන රටවල මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන කිරීම් සිදුකරමින් මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් මේ බව ප්‍රකාශ කළේය.
2023 දී ප්‍රධාන වශයෙන් රටේ උතුරේ නැගෙනහිර පොලිසිය විසින් සිදු කළ බව කියනු ලබන ලිංගික ප්‍රචණ්ඩත්වය, පැහැරගැනීම්, නීතිවිරෝධී රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව ටර්ක් පවසා ඇත.
‘2010 දී පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ’ සිද්ධියකට සම්බන්ධ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙළිදරව් කර තිබියදීත්, නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මෑතකදී පත්කිරීම පිළිබඳව ඔහු කනස්සල්ල පළකරයි.
සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා රජය විසින් නීති කෙටුම්පතක් හඳුන්වා දුන්නද, විශ්වසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරය නොපවතින බව ටර්ක් අවධාරණය කරයි.
“සිවිල් සමාජ නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන් සහ වින්දිතයන් මෙන්ම යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීමේ උත්සව සංවිධානය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ චෝදනා මගේ කාර්යාලයට දිගටම ලැබෙමින් පවතී.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart