
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාදුක්ක නගරයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් හත් දෙනෙකුට ගුරුවරයකු විසින් කොසු මිටකින් පහරදුන් බව කියන පුවතක් වාර්තා වේ.
එම සිසුන් අතරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලීසිය පැවසුවේ, පන්ති පැවැත්වෙන අවස්ථාවේදී සිසුන් පිරිස පාසලේ ආපන ශාලාවට ගොස් සිටීම නිසා ගුරුවරයා විසින් මෙම පහරදීම සිදුකරඇති බවය.
පාදුක්ක පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart