
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඛනිජ තෙල් බෙදුම්කරුවන් විසින් මාසිකව ලබාගන්නා මුළු වට්ටම් මුදලින් 35%ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අයකර ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් කටයුතු කරමින් සිටින බවට ඛනිජ තෙල් බෙදුම්කරුවෝ චෝදනා කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ තීරණය මාර්තු මස 4 වැනි දින සිට ක්රියාත්මක කිරීමට සංස්ථාව කටයුතු යොදා ඇති බවයි.
ඒ අනුව ඊට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සිය සාමාජිකයන් සමඟ එක්ව හෙට දිනයේ තීරණයක් ගැනීමට සැලසුම් කර තිබේ.
පිරවුම්හලේ සියලුම වියදම් සහ බදු ද බෙදුම්කරුවන් විසින්ම ගෙවිම සිදුකරන අවස්ථාවේ මෙවැනි ක්රියාමාර්ගයක් ගැනීම හෙළාකින බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පවසති.
ඔවුන් පවසන්නේ සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් මුදලින් 0.25% අයකර ගනු ලබන බවයි.
සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත ලබා දෙන ඉන්ධන, ඔවුන් ප්රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්රතිශතයෙන් (2.75% වැනි) තවත් කොටසක් සංස්ථාව වෙත නැවත ලබා ගැනීමට ප්රයත්න දැරීම බෙදුම්කරුවන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ද බෙදුම්කරුවෝ පවසති.
සංස්ථාව විසින් බෙදුම්කරුවන් වෙත කරන ලද දැන්වීම පහත දැක්වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart