
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු පැසිෆික් බලඇණියට අයත් මිසයිල යුද නෞකාවක් වන Varyag ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් බවයි.
පැසිෆික් බලඇණියේ ප්‍රමුඛතම, Guards Order of Nakhimov මිසයිල යුද නෞකාව වන Varyag ශ්‍රී ලංකා ජනරජයේ විශාලතම වරාය වන කොළඹට සේන්දු වූ බව නෞකාවේ මාධ්‍ය කාර්යාලය ඊයේ වාර්තා කළ බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
මීටර් 187ක් දිග මෙම නෞකාව 529 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන මිසයිල යුද නෞකාවකි.
නෞකාවේ ධජ නිලධාරියා 1 වැනි ශ්‍රේණියේ කපිතාන් Velichko Anatoly Vasicievich වන අතර 2 වැනි ශ්‍රේණියේ කපිතාන් Glushakov Roman Nikolaevich එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරයි.
මේ අතර නෞකාවේ ධජ නිලධාරියා සහ අණදෙන නිලධාරියා බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා හමුවීමට නියමිතය.
නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ සුහදත්වය ප්‍රවර්ධනය කිරීම සහ දිවයිනේ සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධාන කරනු ලබන වැඩසටහන් කිහිපයක් යටතේ සහභාගී වීමට නියමිතය.
රුසියානු නාවික නෞකාව කොළඹ වරායේ රැඳී සිටින කාලය තුළ ජලය සහ ඉන්ධන සැපයුම් ද කොළඹ වරායෙන් ලබා ගැනීමට නියමිතව තිබේ.
නෞකාව පිළිගැනීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, මෙරට නාවික හමුදා නිලධාරීන් සහ වරාය සේවා නිලධාරීන් සහභාගී වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු යුද නෞකාව මාර්තු 4 වැනිදා දක්වා කොළඹ වරායේ රැඳී සිටින අතර, ඉන් අනතුරුව එය පවරා ඇති මෙහෙයුම් දිගටම කරගෙන යනු ඇති බව නෞකාවේ කාර්යාලය වැඩිදුරටත් වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart