March 2, 2024

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.